ඔන්න ඉතින් blog එක පටන්ගෙන හා හා පුරා කියල දාන පලවෙනි post එක!මේ post එකෙන් කියන්න් යන්නෙ කොහොමද erro නැතිව ලේසියෙන් Kali Linux dual boot කරන්නෙ කියල!
හරි මුලින්ම මේකට ඕනෙ දේවල් බලමු!
1.USB Storage Device එකක්(DVD තියෙයිනම් ඕනෙ නෑ! )
3.Refuse softwear එක! (මේකෙන් තමා USB Storage Device එක
Bootable කරන්නෙ! )
4.Windows තියන PC
එකක්!(වෙනම Partition එකක් තියන්න Kali Linux Install කරන්න!)
එහෙනම් ඔය ටික සෙට් කරගෙන වැඩේට බහිමු!
මුලින්ම USB එක Bootable කර ගන්න ඕනෙ...DVD තියෙයිනම් මේ
step එක අත ඇරල දාන්න!
Refuse Softwear එක Install කරල open කරගන්න!USB එක ගහල රූපෙ
1 තියන තැන තියන DVD icon එක click කරල Download කරපු Kali ISO එක Select කරන්න .
Start Click කරන්න!
මෙතෙන්දි පොඩි file ටිකක් download කරන්න වෙනව...Net
conect කරල එතනදි OK කරල file ටික download කරන්න!ඊට පස්සෙ පහල තියන window එක එයි...ඒකෙ
DD image Mode එකට ටික් එක දාල ok කරන්න!
එතකොට මෙහෙම window එකක් එයි!USB එක Format කරන්න අහන්නෙ...
OK කරල දාන්න!
ඊට පස්සෙ File ටික USB එකට copy වෙලා bootable වෙයි...
ට්ක වෙලාවක් බලන් ඉන්න වෙයි!ඒක ඉවර උනහම පලවෙනි step එක හරි!
හරි එහනම් Bootable USB එක හරි DVD එක හදාගත්තට පස්සෙ PC
එක Restart පාරක් දාල On වෙදිදි Boot Menu එක ගන්න!
Kali Linux Bootble කරල තියන Device එක අනුව DVD or
Removeble Device තෝරන්න!
එතකොට පහල තියනව් වගේ Menu එකක් එයි...ඒකෙ Graphical
install එකට යන්න!
දැන් එන window එකේ Language එක select කරල Continue කරන්න!
ඊලග window එකේ රට තෝරල Continue කරන්න!
අදාල Keybord Layout එක තෝරල Continue කරන්න!
Loading Screen ටිකක් ගිහින් මේ වින්ඩොව් එක එයි!ඒකෙ
hostname එකට kali.org දීල continue කරන්න!
ඊලග window එකේ Root එකට Password එක දාන තියෙන්නෙ...Root
එක කියන්නෙ Admin acount එක...Password දීල Retype කරල continue කරන්න!
දැන් එන window එකේ Time Zone එක තෝරන්න!
දැන් window එකේ Manual තෝරල continue කරන්න!
OS එක ගහන්න ඕනෙ Partition එක තෝරල continue කරන්න!
ඊලග window එකේ Automatically Partition the free space තෝරල
continue කරන්න!
මේ window එකේ
All files in one partition දීල Continue කරන්න!
මේ window එකේ Finsh the Partitioning and write changes
to disk තෝරල continue කරන්න!
Yes එකට ටික් එක දාල
continue කරන්න!
දැන් ඉතින් os එක install වෙන්න පටන් ගනී..තේ එකක් එහෙම බීල
එන්න...ටික වෙලාවක් යනව වැඩේට! 😜
Install උනාට පස්සෙ Network Mirror එකක් පාවිච්චි කරන්න අහයි....No
ටික් එක දාල continue කරන්න!
Bootloader එක Install කරන්න Yes ටික් එක දාල continue කරන්න!
මේ වින්ඩෝ එකේ HDD එක select කරල continue කරන්න!
දැන් Loading Screen ටිකක් ගිහින් Installation
Completed වින්ඩෝ එක එයි...continue කරන්න!
දැන් pc එක Restart වෙයි!මෙතනදි අපට තෝරන්න එනව තියන os දෙක..ඕනෙ
os එක තෝරල enter කරහම අදාල os එකෙන් pc එක on වෙනව!
Kali Linux එක open කලාට පස්සෙ මුලින්ම එන්නෙ මේ window එක!ඒකෙ
අපේ user name එක ගහන්න තියෙන්නෙ!මුලින්ම root ගහන්න!
ඊලග වින්ඩොව් එකේ Password ගහල Enter කරන්න!
හරි!!!!ඔන්න ඉතින් වැඩේ හරි!
Welcome To Kali Linux!
වැඩේ තේරෙන්න ඇති කියල හිතනව..මොකද සරලවම A-Z කිවුව!ඒත් ප්‍රශ්න
තියෙයිනම් අනිවා comment එකක් දාගෙන යන්න!පෝස්ට් එකේ අඩුපාඩු ගොඩක් ඇති පලවෙනි පෝස්ට්
එක හින්ද!!!දිගටම වැඩේ කරගෙන යන්න හිතාගෙන
ඉන්නෙ...ඔයාලගෙ යෝජනා චෝදනාත් කියන්න!අවශය post මොනවද කියලත් කියන්න!
Share කරල සප් එක දෙන්න!එහෙනම් අපි ගියා!
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Error ekak enwa .
ReplyDelete